ඉන්දියන් සාගරයේ මුතු ඇටය
ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ
දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග,පෘතුගාලය,ඕලන්දය,එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන්විදේශිකයන් ලංකාවට පැමිණි බවට
සාක්ෂි එමටය. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය
වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ
ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන
විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි.
දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන
වින්දනය,විවේකය,ඓතිහාසික, වටිනාකම අදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන්
වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්
රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා
අද්දවා ගනී.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය
ශ්‍රී ලංකාවේ සංචාරක කටයුත්ත
කර්මාන්තයක් වශයෙන් වැඩී වර්ධනය වන්නට පටන් ගත්තේ 1960 දශකයේ සිටය. ඉන් පසු
එළඹි දශක කීපය තුළ විටෙන අඩාළ වෙමින්ද විටෙක වර්ධනය වෙමින්ද පැවති එය නූතනයේ අපේ
ආර්ථිකයට අඩුවැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත.1963 දී රුපියල් දශ ලක්ෂ 6ක පමණ අදායමක් ලබා
ගත් අතර 1969 දී එය රුපියල් දශ ලක්ෂ 17 දක්වා වර්ධනය වී
තිබිණි.1977 න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ
විවෘත භාවය සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් විය.විවෘත ආර්ථිකය, විදේශීය ආයෝඡකයන්ට
ඉවහල් විය. විවෘත ආර්ථිකය,විදේශීය,ආයෝඡකයින්ට ඉඩ ප්‍රස්ථා සැලසීම, විනිමය සීමා කිරීම,වැනි නව ආර්ථික ප්‍රතිපත්ති
සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් විය. 1980 දී ලංකාවට සංචාරකයින් 321,780ත් පැමිණි අතර එම
වසරේ විදේශ විනිමය ඉපයුම රුපියල් දශ ලක්‍ෂ 1830කි. 1981 දී මෙය 39% කින් වැඩි වී තිබිණි. 1992 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපයුම දශ ලක්‍ෂ 18500 විය.ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ වැඩි
පිරිසක් බටහිර යුරෝපා රටවලට අයත්ය.
- ඡර්මනිය
- ප්‍රංශය
- එක්සත් රාඡධානිය
- ඉතාලිය
- ඇමරිකා එක්සත්ඡනපදය
- ඡපානය
- ඉන්දියාව
- නෙදර්ලන්තය
යන රටවලින් විශාල වශයෙන්
සංචාරකයෝ ලංකකාවට ඇදී ආහ. විනෝදය ව්‍යාපාරික කටයුතු, සාකච්ඡා
සම්මේලන, නෑදෑ හිත මිතුරන් හමුවීම ආදී හේතූන් මත මෙම සංචාරකයෝ ලංකාවට
පැමිණෙති. ශ්‍රී ලංකාවේ දර්ශනීය මුහුදු වෙරළ, මධ්‍ය
කඳු කරය,ඓතිහාසික නටඹුන්, ආගමික හා සංස්කෘතික ස්ථාන, ප්‍රණීත
ආහාරපාන මතු නොව ලාංකිකයන්ගේ ආචාරශීලී භාවයද සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමෙහි
සමත් වී ඇති බව පෙනේ.
0 comments:
Post a Comment