2015 වසරේ ලොව සංචාරකයන් අත් නොහල යුතු සංචාරක කේන්ද්‍රස්ථාන 10 අතරට ශ‍්‍රී ලංකාවද නම් කර ඇත. ඒ නම් කිරීම සිදු කර ඇත්තේ ඇමරිකාවේ පළවන ප්‍රමුඛතම සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව
. මඟිනි. එම සඟරාව සඳහා මෙම කේන්ද්‍රස්ථාන නම් කර ඇත්තේ ඇබ්සලූට් ට්‍රැවල් නම් සුඛෝපභෝගී සංචාරයන් සැලසුම් කරන ආයතනයේ සංචාර කළමනාකරු වන ඔවන් ගැඩිස් විසිනි.ෆෝබ්ස් සඟරාවේ ශ්‍රී ලංකාව සම්බන්ධව පළ වූ පුවතේ ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු වටිනාම දෙය ලෙස සත්ව සම්පත නම් කර ඇත. යාල ජාතික වනෝද්‍යානයට අමතරව යුද්ධය නිමාවීමෙන් අනතුරුව විල්පත්තු වනෝද්‍යානයද මේ වන විට විවෘතව පවතින බවත්, එය තුළ වඩාත් පෞද්ගලික ලෙස සෆාරි සංචාර විඳගැනීමට සංචාරකයන්ට හැකි බවත් එහි වැඩිදුරටත් දැක්වේ. එසේම ශ්‍රී ලංකාවේ මෙන් විවිධාකාර අත්දැකීම් අත්විඳිය හැකි වෙනත් රටක් පිළිබඳව සිතාගත නොහැකි බවද එම පුවතේ සඳහන් වේ.
ෆෝබ්ස් සඟරාව මගින් නම් කළ 2015 වසරේ ලොව සංචාරකයන් අත් නොහළ යුතු සංචාරක කේන්ද්‍රස්ථාන 10 අතරට අයත් වන අනෙකුත් රටවල් වන්නේ නේපාලය, ජපානය, ආජන්ටිනාව, කොලොම්බියාව, ටැස්මේනියාව, ඇමෙරිකාවේ සෙරෙන්ගෙටි ප්‍රදේශය, වියට්නාමය, මොරොක්කෝව හා අයිස්ලන්තයයි.
0 comments:
Post a Comment