හික්කඩුවේ
සංචාරක ව්‍යාපාරය
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්
විජිතයක්ව පැවති යුගයේ සිටම සංචාරක ආකර්ෂණයට නතු වු මෙන්ම එය පදනම් කරගත් ආර්ථික
සමාජයන් කිහිපයකින්ද සංයුක්ත වු රාජ්‍යයක් විය.දිනෙන් දිනම ආර්ථිකය තුළ
සංචාරක කර්මාන්තයට තිබු ආර්ථිකමය වෑදගත්කම වැඩි වු අතර 1978
සිදුවූආර්ථික ලිහිල්කරනය ඵ් සදහා දැඩි සාධනීය බලපෑමක් ඇති කළේය.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන වර්ධනීය ලක්ෂයක් සනිටුහන් වන්නේ මුහුද හා වෙරල ආශ්‍රයෙනි.සිව්දෙසින්ම මුහුදින් වටවූ කොදෙව්වක් ලෙස පැවතීමත් රට වටා වූ වෙරළ තීරයත් ඒ සදහා බෙහෙවින් හේතු විය.එයිනුදු වඩාත් ආකර්ෂණීය ලෙස සංචාරක අවදානයට පාත්‍රවනුයේ දකුණු හා නැගෙනහිර වෙරළ තීරයයි.හික්කඩුව සංචාරක පුරවරය දකුණු වෙරළ තිරයට අයත් සංචාරක කේන්ද්‍රස්ථානයකි.
හික්කඩුව සංචාරක පුරවරයේ සංචාරක කර්මාන්තය දෙයාකාරයකට ක්‍රියාත්මක
වේ.ඵනම්,
මෙහිදී වෙරලාශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රධාන
වශයෙන්ම විදේශීය සංචාරකයන් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන අතර අභ්‍යන්තරික
සංචාරක කරමාන්තය දේශීය සහ විදේශීය දෙපාර්ශවයෙන්ම සංචාරකයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක
වේ. මෙහිදී හික්කඩුව සංචාරක කලාපයක් ලෙස වඩාත් ආකර්ශනයට ලක් වන්නේ විදේශීය
සංචාරකයින් මූලාශ්‍ර කර ගනිමිනි.
1.වෙරළාශ්‍රිත සංචාරක කර්මාන්තය
2.අභ්‍යන්තරික සංචාරක කර්මාන්තය
සංචාරක ආකර්ශනීය ස්ථාන
හික්කඩුවේ විශේෂිත සංචාරක
ස්ථානයන් කිහිපයක් වේ.
- මුහුදු වෙරළ සහ ස්වාභාවික ගල් මල් උයන
- සීනිගම දේවාලය
- තොටගමුවරඡමහවිහාරය
- ධිවර වරායන්
- ගංඟා,ගං මෝය සහ කලපු
සංචාරක ව්‍යාපාරය
හා බැඳුණු කර්මාන්ත
ලංකාවේ අන් සංචාරක ප්‍රදේශයන්ට
සාපේක්ෂව කර්මාන්තයන්ගෙන් සහ රැකියාවල බහුල හා ක්‍රමවත් භාවයක් හික්කඩුවේ දී දැක
ගත හැක.
ප්‍රධාන වෂයෙන් ගත් කළ හික්කඩුවේ
සංචාරක ව්‍යාපාරය හා බද්ධ වු මුලික කර්මාන්ත ප්‍රභවයන් මෙසේ දැක්විය හැක.
01සංචාරක හෝටල්, නිවාඩු
නිකේතන, හා ආපන සාලා
02. පිහිනුම් සහ බෝට්ටු සේවා
03.සංචාරක මග පෙන්වන්නම්
04.සංචාරක ප්‍රවාහන සේවා
05. විසිතුරු භාණ්ඩ සහ දේශීය අත්කම් භාණ්ඩ අලෙවිය
06. දේශීය වෛද්‍ය ක්‍රම හා සංස්කෘතික සේවා
07. වෙනත්
සංචාරක හෝටල්, නිවාඩු
නිකේතන, හා ආපන සාලා
මෙහිදි හික්කඩුව ප්‍රදේශීය
සියළු ආර්ථික නියැදීන් අතුරින් වඩාත් ප්‍රමුක හාමහා පරිමාණ කර්මාන්තය වන්නේ සංචාරක
හෝටල් සම්බන්ධ ව්‍යාපාරයයි. හික්කඩුව සංචාරක හිමියන්ගේ සංගමය සහ සංචාරක මණ්ඩලයේ
වාර්තාවන්ට අනුව හික්කඩුවේ ලියාපදිංචිි සංචාරක හෝටල් සංඛ්‍යාව 36කි.ඉන්
කිහිපයක් නම්,
01. රවනා බීච් - දොඩන් දූව
02. ආදිත්‍ය සංචාරක හෝටලය - දොඩන් දූව
03.රසික ගෙස්ට් - අකුරළ
04.සුනිල් බීච් - නාරිගම
පිහිනුම් සහ බෝට්ටු සේවා
හික්කඩුව මුහුදු තීරය ආශ්‍රිත
සුවිශේෂි ස්වාභාව ධර්මයේ දායාදයක් වන ගල්මල් උයන නැරඹීම උදෙසා සකස් කරන ලද පතුළ
විනිවිද පෙනෙන විශේෂිත බෝට්ටු 70කට අධික ප්‍රමාණයක් පවතින
අතර පිහිනුම් සහ කිමිදුම් උපකරණ සැපයීම හා ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සඳහා ආයතන
12ක් පමණ හික්කඩුව ප්‍රාදේශීය
කොට්ඨාශය තුළ ක්‍රියාත්මක වේ.
සංචාරක මග පෙන්වන්නම්
සංචාරක මණ්ඩලයේ සමීක්ෂණයකට අනුව 2006 වසර වන විට මෙම කටයුත්තේ නියැලෙන
පුද්ගලයන් සංඛ්‍යාව 430ක් පමණ වේ.විසිතුරු
භාණ්ඩ හා දේශීය අත්කම් වන කැටයම් හා මූර්ති කලාවන්ද චිත්‍ර ශිල්පය ද සංචාරක කර්මාන්තයේ
ප්‍රධාන තැනක් උසුලයි.
Brilliant..
ReplyDeletesuperb..........
ReplyDeleteMost beautiful place.my very like place this beach...
ReplyDelete