Monday, June 29, 2015
සංචාරකයන්ගේ සිත් ඇදගත් මිරිස්ස වෙරළ තීරය
7:36 PM
No comments
සංචාරකයන්ගේ සිහින හා පාරාදීසයක මහිමය සැබෑවක් බවට පත් කරන විශ්මයජනක වැලි වෙරළක් ලෙස මිරිස්ස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ දැකුම්කළු හා ආකර්ෂණීය වෙරළ තීරයක් ලෙස මිරිස්ස සංචාරක ඇසට ඉතා මනහර ස්ථානයක් වේ.ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට සමීපව මිරිස්ස පිහිටා ඇත. අතීතයේදී මිරිස්ස ප්‍රසිද්ධියට පත්ව තිබුනේ ධීවර කර්මාන්තයටයි. ඊට අමතරව හස්ත කර්මාන්තය, රේන්ද කර්මාන්තය මෙන්ම හුණුගල් නිශ්පාදනයද මෙහි තිබිණි. අතීතයේදී සුළු බෝට්ටු ප්‍රමාණයක් සහිතව වරායක්ද ඉදිවී තිබිණි.චන්ද්‍රවංකයක හැඩය ගත් මෙම හුදකළා මුහුදු තීරය ජීවිතයේ සුන්දරම නිමේශයක නිස්කලංකයේ හුදකලා වීමටත් ඔබේ නිවාඩුව නැගෙන හිරුගේ අතීශය නැවුම් බවින් හා බැස යන හිරුගේ සියුම් ශෘංගාරයෙන් පිනවීමටත් සුදුසුම සංචාරක තෝතැන්නකි. දිනෙක ගිනි රතු පැහැයෙන් මුහුද හා පොළොව සිතුවම් කරන හිරු බැස යාම තවත් දිනෙක සිත්තරෙකුගේ රෝස පැහැ තීන්තයෙන් වර්ණවත් වන්නේ මිරිස්ස නම් සොඳුරු පාරාදීසයේ ම පමණක් වන්නට ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment