ඈත අතීතයේ සිට මිනිසා සංචාරයට පෙම් බැන්දේය.සංචාරක කර්මාන්තය අද ලෝකයේ බොහෝ රටවල ඉහල ආදායමක් ගෙන දෙන කර්මාන්තයක් ලෙස වර්ධනය වී ඇත්තේ සංචාරයන් කෙරෙහි මිනිසුන්ගේ සිත් තුල පවතින නොනිමි ලොල් බව නිසාය යන්න කව්රුත් පිළිගනිති. එක්සත් ජාතීන්ගේ ජගත් සංචාරක සංවිධානය විසින් වාර්ෂිකව සකස් කරනු ලබන ජගත් සංචාරක වර්ගීකරණයට අනුව 2014 වර්ෂයේදී ලොව පුරා සංචාරය කර තිබෙන සංචාරකයන්ගේ සංඛ්යාව බිලියන 1.133කි. එය 2013 වසරත් සමග සසදා බැලීමේදී සියයට 4.3ක වර්ධනයකි. 2013 වසරේ ලොව පුරා සංචාරවල යෙදී ඇති සංචාරකයන්ගේ සංඛ්යාව බිලියන 1.087කි. 2014 වසරේ සංචාරක වියාපාරයෙන් උපදවා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1245කි. එය 2013 වසර හා සසදා බැලීමේදී සියයට 3.7ක වර්ධනයකි.
ත්රස්තවාදී ප්රහාර හේතුවෙන් මේ දිනවල ලෝකයේ වැඩිපුර කතාබහට ලක්ව තිබෙන ප්රංශය ලොව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට ලෙස සැලකේ.එක්සත් ජාතීන්ගේ ජගත් සංචාරක සංවිධානයට අනුව 2014 වසරේදී ප්රංශයට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්යාව මිලියන 83.7කි. එය 2013 වසරේදී මිලියන 83.6ක් විය. ප්රංශයේ අගනුවර වන පැරීසිය ලොව වැඩිම වරක් නැරබු නගර අතර 05 වන ස්ථානය දිනා සිටී.
සංචාරකයන් පැමිණීම ඇති ප්රථම ස්ථානයේ පසුඋවත් සංචාරක වියාපාරයෙන් ලැබෙන ආදායම අතින් ප්රංශය සිටින්නේ 04 ස්තානයේය.2014 වසරේදී ප්රංශය සංචාරක වියාපාරයෙන් ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 56.7කි.සංචාරකයන්ගේ පැමිණීම අතින් 02 ස්ථානයේ සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකා එක්සත් ජනපදය වෙත 2014 වසරේදී පැමිණ ඇති සංචාරකන් ප්රමාණය මිලියන 74.8කි.
2013
වසරේදී එම ප්රමාණය මිලියන 70ක් විය. 2014 වසරේදී ලබා ඇති වර්ධනය සියයට 6.8කි. සංචාරක වියාපාරයෙන් වැඩිම ආදායමක් උපයන රට ලෙස හැදින්වෙන්නේ ඇමෙරික එක්සත් ජනපදයයි.
2014 වසරේදී ඇමෙරිකාව සංචාරක වියාපාරයෙන් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන177.2ක් විය.
ස්පාඤ්ඤය වෙත 2014 වසරේදී පැමිණ ඇති සංචාරකයන්ගේ ප්රමාණය මිලියන 65කි.
මෙම වර්ගීකරණයට අනුව ස්පාඤ්ඤයට හිමිව ඇත්තේ 03 වැනි ස්ථානයයි. 2013 වසරට වඩා සියයට 7.1ක වර්ධනයක් ස්පාඤ්ඤය 2014 වසරේදී හිමිකරගෙන තිබේ. සංචාරක වියාපාරයෙන් ලැබෙන ආදායම ඇති 02 ස්ථානයේ සිටින ස්පාඤ්ඤය 2014 වසරදී ඇමෙරිකානු ඩොලර් 65.2ක් උපයා ඇත්තේ සංචාරක වියාපාරයෙනි. එය 2013 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 62.6ක්ව තිබිණි.
සංචාරකයන් පැමිණීම ඇති ප්රථම ස්ථානයේ පසුඋවත් සංචාරක වියාපාරයෙන් ලැබෙන ආදායම අතින් ප්රංශය සිටින්නේ 04 ස්තානයේය.2014 වසරේදී ප්රංශය සංචාරක වියාපාරයෙන් ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 56.7කි.සංචාරකයන්ගේ පැමිණීම අතින් 02 ස්ථානයේ සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකා එක්සත් ජනපදය වෙත 2014 වසරේදී පැමිණ ඇති සංචාරකන් ප්රමාණය මිලියන 74.8කි.
උපුටා ගැනීමකි..
Stainless Steel Wok-Steel - Titanium-Arts
ReplyDeleteStainless steel wok-steel edc titanium is a lightweight titanium wedding ring and easy-to-use tool to quickly make your titanium density custom steel wok-steel titanium curling wand adjustable. black titanium wedding band