-->

Monday, June 29, 2015

සුන්දර පාසිකුඩා වෙරළ තීරය


මඩකලපුව නගරයෙහි සුන්දරත්වය විහිදා දක්වන මෙම අසිරිමත් වෙරළ තීරය සංචාරකයන්ගේ සිත් ඇදගත් සුවිශේෂී වෙරළ තීරයකි.මෙම වෙරළ තීරය තුල මහමුහුද දෙසට කිලෝමීටරයක් පමණ ඇවිද යාහැකිය.
කොළඹ සිට පොළොන්නරුවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැන වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ වාලච්චේන පොලිසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ කල පාසිකුඩා මුහුදු තීරය දිස්‌වේ. නමුත් එය සුළු පටු දුරක්‌ නම් නොවේ. කි.මී. 300 කට එහා දුර ගමනකි. වතුරේ බැස විනෝදවන්නට හැකි නිසාම බොහෝ දෙනා මේ ප්‍රදේශයට ඇලුම් කරති. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකකි. කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයකි.
එක්තරා ආකාරයකට පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය. එය සොබාදහමේ අපූරු තිළිණයකි. එනම් පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ශක්තිමත් කොරල්පර වැටියකි. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රැළි පාසිකුඩා මුහුදු වෙරළට එන්නේ නැත. මේ නිසා සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට හැකිය.
මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන දුරින් පිහිටා ඇත. මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරු තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. එපමණක්ද නොව අපූරු රටා මවන කොරල්පරවලින් පාසිකුඩා මුහුදු තීරය පොහොසත් බැවින් කොරල්පර බලන්නට යන සංචාරකයින්ට ඒ සඳහා සියලු පහසුකම් ද ඒ ස්ථානයේම සපයා ඇත.
කොරල්පර නැරැඹීමට හැකි වීදුරු බෝට්ටු පාසිකුඩා වෙරළේ බහුලය. දේශීය සංචාරකයන්ට කිලෝමීටර තුනක් පමණ දුර ගෙවා ගොස් ඒ සීමාවේ ඇති සුන්දර කොරල්පර නැරැඹීමට වැය වන්නේ එක් පවුලකට රුපියල් 1500 ක් වැනි මුදලකි. විදේශීය සංචාරකයන්ගෙන් නම් ඊට වැඩි මුදලක් අය කෙරෙයි. කිමිදෙමින් කොරල්පර නැරඹීමට ද සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමි කර ගත හැක. යුරෝපීය හා ඇමරිකානු සංචාරකයන් හිරු එළිය විඳීමට තෝරා ගන්නා තවත් එක් වෙරළ තීරයක් වන පාසිකුඩා වසරේ සෑම දිනකම සංචාරකයන්ගෙන් පිරී පවතින ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන තැනක් ගනී.
එපමණක් නොව මුහුදු ක්‍රීඩා සඳහා ද මෙම වෙරළ තීරය ප්‍රසිද්ධියක් උසුලයි. Surf ක්‍රීඩා කරන කාන්තා පිරිමි විදෙස් සංචාරකයින්ට ද මෙය අපූරු වෙරළ තීරයකි. විශේෂයෙන් පුහුණුවන Surf ක්‍රීඩකයන්ට මෙහි වඩා ආරක්ෂිත හා විශාල නොවන මුහුදු රැල්ලේ සහය නිතැතින්ම හිමි වේ.

පාසිකුඩා වෙරළ තීරයේ ඉදි කර ඇති සුන්දර අවන්හල්, හෝටල් හා නිවාඩු නිකේතනයන් හි සංචාරකයන්ට රසවිඳිය හැකි දේශීය හා විදේශීය ආහාරපාන පිරී පවතියි. විශේෂයෙන්ම ඉස්සන් (Pronse), කකුළුවන් (Crabs), දැල්ලන් (Cuttle fish), බෙල්ලන් වර්ග (oysters) ඇතුළු මුහුදු ආහාර (Sea Food) දෙස් විදෙස් ක්‍රමවලින් හෝ සංචාරකයන් ඉල්ලන ඕනෑම ආකාරයකට සාදා දෙන්නට මෙම අවවන්හල්වල සූපවේදීන් සැදීපැහැදී සිටිති.
ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ පළමු අරුණැල්ල වෙරළ සිඹින තවත් එක් වෙරළ තීරයක් වන පාසිකුඩා දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් සොබාදහමේ තවත් අපූර්වතම නිර්මාණයකි.





තවත් ජයාරූප සදහා,



ත්‍රිකුණාමලය හැඩගන්වන නිලාවේලි වෙරළ තීරය


නැගෙනහිර පළාතේ ති‍්‍රකුණාමල නගරයේ සිට ති‍්‍රකුණාමලය – පුල්මුඩේ මාර්ගයේ කිලෝ මීටර් 18ක පමණ දුරක් ගියවිට අලංකාර සිත්තරෙකු ලවැලි තලාවක නීලවර්ණ තීන්තයෙන් රටා මැවූ සහස්‍රකිරණ ප්‍රථම අරුණැල්ල සිඹින අප කුඩා දිවයිනේ සොඳුරුතම වෙරළ තීරයක් වන නිලාවැලි වෙරළ තීරය හමු වේ.ලොව සතරඅත ප‍්‍රකටම වෙරළ තීරයක් වූ මෙම වෙරළ එදාමෙදාතුර දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක්ම විය. නැඟෙනහිර පළාතට අයත් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය ඇතුළත ලංකාවේ ස්වභාව සෞන්දර්යයේ විස්මිත තැන් සහ පෞරාණික වශයෙන් විශාල වැදගත්කමක් ඇති ඉපැරැණි ස්ථාන රැසක් ද පවතියි. නිරතුරු දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂී අවධානයට පාත‍්‍රව වූ එම ස්ථාන අතර ගිම් නිවන සුදුමුදු වෙරළ සමඟ නිසසල මුහුදු තීරය නෙතට රසදුනක් ගෙන එන සිත්තමක් වැනිය. විශාල ජල තටාකයක් වැනි නිලාවේලි මුහුදු තීරය ඉතාම චිත්තාකර්ෂණීය මන බඳිනා වෙරළ තීරයකි.නිලාවෙලි වෙරළ තීරයට යන ඔබට තවත් සුවිශේෂී සොඳුරු ආශ්වාදයක් ලබා ගත හැකි අවස්ථාවක් ද තිබේ. ඒ වෙරළ තීරයේ සිට කිලෝමීටර් කිහිපයක දුරින් ඈත මුහුදේ දිස්වෙන රක්ෂිතයක් සේම සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ පරෙවි දූපත නැතිනම් Pigeon Island ය.

ජෛව විවිධත්වයෙන් පිරි මෙම භූමියට ළඟාවීමට බෝට්ටු සවාරියක් යා යුතුමය. මේ සවාරියේදී පරවියන් පිරි මේ දූපතේ අසිරිය සේම මුහුදේ මසුන්ගේ වූ අලංකාරය විඳ ගැනීමට ද අවස්ථාව උදාවනු ඇත.එමෙන්ම මෙහිදී දුර්ලභ ගණයේ මුහුදු ජීවින් හා විචිත‍්‍රවත් වර්ණවලින් යුතු මාළු විශේෂ රැසක් සේම තල්මසුන් ද නැරඹීමට ද අවස්ථාව ඇති අතර ඒ සඳහා අමතර මුදලක් බෝට්ටු ගාස්තු ලෙසින් ගෙවීමට සිදුවනු ඇත. නමුඳු එම මුදලට වැඩි නෙත් පිනවන දසුන් රැසක් මෙම සොභාසෞන්දර්යාත්මක නවාතැනේ දී දැක ගන්නට ලැබෙනු නිසැකය.නැගෙනහිර වෙරළ තීරයේ ආකර්ෂණීය පහස විදීමට වඩාත්ම යෝග්‍ය කාලය ලෙස සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාලයයි.














































තවත් ජයාරූප සදහා,
     නිලාවේලි වෙරළ තීරය

සංචාරකයන්ගේ සිත් ඇදගත් මිරිස්ස වෙරළ තීරය



සංචාරකයන්ගේ සිහින හා පාරාදීසයක මහිමය සැබෑවක් බවට පත් කරන විශ්මයජනක වැලි වෙරළක් ලෙස මිරිස්ස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ දැකුම්කළු හා ආකර්ෂණීය වෙරළ තීරයක් ලෙස මිරිස්ස සංචාරක ඇසට ඉතා මනහර ස්ථානයක් වේ.ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට සමීපව මිරිස්ස පිහිටා ඇත. අතීතයේදී මිරිස්ස ප්‍රසිද්ධියට පත්ව තිබුනේ ධීවර කර්මාන්තයටයි. ඊට අමතරව හස්ත කර්මාන්තය, රේන්ද කර්මාන්තය මෙන්ම හුණුගල් නිශ්පාදනයද මෙහි තිබිණි. අතීතයේදී සුළු බෝට්ටු ප්‍රමාණයක් සහිතව වරායක්ද ඉදිවී තිබිණි.චන්ද්‍රවංකයක හැඩය ගත් මෙම හුදකළා මුහුදු තීරය ජීවිතයේ සුන්දරම නිමේශයක නිස්කලංකයේ හුදකලා වීමටත් ඔබේ නිවාඩුව නැගෙන හිරුගේ අතීශය නැවුම් බවින් හා බැස යන හිරුගේ සියුම් ශෘංගාරයෙන් පිනවීමටත් සුදුසුම සංචාරක තෝතැන්නකි. දිනෙක ගිනි රතු පැහැයෙන් මුහුද හා පොළොව සිතුවම් කරන හිරු බැස යාම තවත් දිනෙක සිත්තරෙකුගේ රෝස පැහැ තීන්තයෙන් වර්ණවත් වන්නේ මිරිස්ස නම් සොඳුරු පාරාදීසයේ ම පමණක් වන්නට ඇත.

පොල් රුප්පාවෙන් අසිරි ලද මුහුදු තීරය පෙනෙන සේ සැදුම් ලත් සංචාරක නිවෙස් බොහෝමයක් අද මිරිස්ස පුරා අරක් ගෙන ඇත්තේ දෙස්විදෙස් සංචාරකයන් ආකර්ෂණය සඳහාම ය. එලෙසම සංචාරකයින්ට රිසිසේ ආහාර ගැනීමට හැක. පෙර-අපරදිග ආහාර ක්‍රම හා බොහෝ ආහාර ක්‍රම ගම්වාසින් හා මෙම හෝටල් වල සූපවේදීන් ඉතා දක්ෂ ලෙස පිළියෙල කරති.මිරිස්ස මුහුදු තීරයේ එක් විශේෂත්වයක් වන්නේ මුහුදු වෙරළ සියයට 95ක් පමණ වැලි සහිතව ගල්වලින් නිදහස්ව පැවතීමත්ය. දහවල් කාලයේදී මිරිස්ස මුහුදු වෙරළ සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ඇති ආකාරය දැක ගත හැකිය. ඔවුන්ට රිසිසේ Surf  ක්‍රීඩා කිරීමට, මුහුදේ දිය නෑමට මිරිස්ස මුහුදු තීරය කදිම තෝතැන්නකි.

මීට අමතරව සංචාරකයින්ගේ පහසුව තකා මිරිස්ස ගම්වාසින් සංචාරක කඩවල් ද (Tourists shop) තනා ඇත. බතික්, මුහුදු ඇදුම් ආයිත්තම්, සරම් ආදී බොහෝ ඇඳුම්ද, අලංකාර චිත්‍ර කැටයම්, පෝස්ට් කාඩ්,  Surfing Boards, Beach Balls ඇතුළු මුහුදු ක්‍රීඩා භාණ්ඩ, ශ්‍රී ලාංකීය තේ කොළ හා ආයුර්වේදීය බහෙත් ආදිය මෙම කඩවලින් මිළදී ගැනීමට අවස්ථාව ඇත.


තවත් ජයාරූප සදහා,
   මිරිස්ස වෙරළ තීරය
සැ.යු.- උපුටා ගැනීමකි.


Wednesday, June 10, 2015

ලෝක උරුමයක් වූ ක්වීන්ස් (රැජින ) හෝටලය


ශ්‍රී ලංකාව තුල සංචාරක ගමන් මගේ මහනුවර රාජධානියට හිමිවන්නේ ඉතා අගනා ස්තානයකි. එයට ප්‍රධානතම හේතුව ලෙස ශ්‍රී ලාංකික බැතිමතුගේ පුජනියම වන්දනා බිම ශ්‍රී දළදා මාලිගාව . මහනුවර රාජධානියට ආලෝකයක් ගෙන දෙන නිසාවෙනි.
සෙංකඩගල පුරවරයේ කිරි මුහුද අභියස දළදා මාලිගාවට මුහුණලා මහල් හතරකින් යුත් සුදු පැහැයෙන් වර්ණවත් වූ අලංකාර මන්දිරයක් පිහිටා තිබේ. කිරි පැහැයෙන් වර්ණවත් වූ ඒ අලංකාර මන්දිරය වෙන කිසිවක් නොව ලෝක උරුමයක් වූ ක්වීන්ස් (රැජින) හෝටලයයි.
බොහෝ දෙන මෙය රැජින හෝටලය ලෙස නමින් දැන සිටියත් එහි අතීතය නම් දන්නේ ඉතාමත් සුළු පිරිසකි. ලෝක උරුමයක් සංරක්ෂිතයක් ලෙස නම් කර ඇති රැජින හෝටලය කාමර 78 යුත් අලංකාරවත් සිවු මහල් මැදුරකි.

හෝටලය හැදුනේ දුල්ලෑවේ වළව් බිමේ 

ආරම්භය 18 වැනි ශතවර්ශයේදී,
මෙම හෝටලය සුදු සේලයකින් ඔතා ඇති ආකාරයට ඈතට  දිස් වේ.කිරි සුදු පහන් වර්ණවත් කර ඇත්තේ දන්ත දාතුන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් යැයි බෞද්ධයන් සිතන්නේ නම් එහි වරදක් නැත. රැජින හෝටලය ලෙස මෙම ගොඩනැගිල්ල වර්තමානයේ හැදින්නුවද එහි ඉතිහාසය දහඅට වැනි ශත වර්ෂය දක්වා වූ ඈත අතීතයට දිවයයි.
කන්ද උඩරට රාජධානියේ අවසන් රජු ලෙස කිරුළු පළ දින්නේ වඩුග ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. (ක්‍රි.ව.1798-1815) එතුමාගේ පාලන කාලයේ සෙංකඩගල නගරයේ වළව් 18ක් පිහිටා තිබුනද පසුව වෙනස්කම් වලට භාජනය වෙමින් හෝ අද වන විට ඇත්තේ ඉන් කිහිපයකි. “ක්වීන්ස් හෝටලය” පිහිටා තිබෙන්නේද එම වළව් 18ට අයත් “දුල්ලෑවේ වළව්” භූමියේ ය.
දුල්ලෑවේ අදිකාරම් ක්‍රි.ව.1815 මාර්තු මස 02 දින උඩරට ගිවිසුමට අත්සන් කල උඩරට ප්‍රභූවරයෙකි. දුල්ලෑවේ පරපුරෙහි ආරම්භය සිදුවන්නේ මාතලේ අලුත්ගොඩ දුල්ලෑව නැමති ග්‍රාමයේ වාසය කල “දුල්” නැමති වැදි රජුගෙනි. පසු කාලයේ පිළිමතලාවේ පරම්පරාවේ ආරම්භයට දායකත්වය ලබා දුන් නේද දුල්ලෑව පවුලෙනි.
දුල්ලෑව අදිකාරම්ගේ මහා වලව්ව පිහිටා තිබුනේ මාතලේ දුල්ලෑව ගමෙහිය. එදා මැද මිදුල් හතකින් සමන්විත අක්කර භාගයක පමණ විශාල වලව්වේ අද ඉතිරිව තිබෙන්නේ මැද මිදුල් දෙකකි. රාජ සේවයට පැමිණි අවස්ථාවේ නැවතීම සදහා සෙංකඩගල නගරයේ මාලිගා භූමියේ මහමලුවට ඉදිරියෙන් කිරිමුහුද ආසන්නයේ තවත් වලව්වක් සාදා ඇත. වත්මන් රැජින හෝටලය තිබෙන්නේ එහිය.

















රැජින හෝටලයේ ආරම්භය 

ක්‍රි.ව.1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉංග්‍රීසින් සිංහලයන් රවටා ඇති බව දුල්ලෑවේ අදිකාරම්ට වැටහිණි. ඉන්පසු දුල්ලෑවේ අදිකාරම් ද  මහනුවර  අතහැර මාතලේ දුල්ලෑව  ගමට ගියේ  කිසිවකුටත් මහනුවර  වලව්ව බාරදීමෙන්  තොරවය .පසුව ඉංග්‍රීසින්ගේ   භාරයට ගත් දුල්ලෑව වලව්ව කඩා දමා ක්‍රි.ව. 1840 දී පමණ නිල නිවාසයක් බවට පත්කර මැලේසියානු හමුදාව ඇතුළු සොල්දාදුවන්ට නැවතීමට බැරැක්කයක් සාදා දී තිබේ. මේ නිසා මෙම ගොඩනැගිල්ල “මලබාර් නිවාස” නමින්ද ඉදිරියෙන් ඇති වීදිය “මලබාර් වීදිය” නමින්ද හදුන්වා ඇත.ඉන් පසුව එය භාවිතා කර ඇත්තේ “යුද්ද හමුදා රෝහලකටය”.
මේ කාලය වන විට බ්‍රිතාන්‍ය පාලනය විසින් කන්ද උඩරට ප්‍රදේශය තේ,කෝපි,කොකෝවා,රබර් ආදීනොයෙකුත් බෝගයන් වගාව ආරම්භ කරන ලදී.තවත් වසර කිහිපයක් ගතවෙද්දී වගා කරන ලද බෝගයන් මිළදී ගැනීම සදහා වෙළදුන් පැමිණි අතර ඔවුන්ට නැවතීම සදහා සුදුසු ස්ථානයක් සෙංකඩගල පුරවරයේ තිබුනේ නැත.ඒ සදහා සුදුසු ස්ථානයක් බවට තීරණය කර “බෝඩින් හවුස්” ලෙස නවාතැන් පොලක් බවට පරිවර්තනය කර තිබේ. ඉන්පසු වසර කිහිපයක් ගෙවී ගියේය. හමුදා නිලදරියෙකුගේ දියණියක් වන “එලිසබෙත් පියශෝ කුමරිය” මෙම බෝඩින් හවුසය මිලට ගෙන අලුත් අංග කිහිපයක් එකතු කර 19 සියවසේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නවතම ආකාරයක නවාතන්පොලක් බවට පරිවර්තනය කළාය. පසුව එහි නම “පියාෂෝ කොටේජ්” නමින් වෙනස් කර, ක්‍රි.ව.1874 වසරේ වික්ටෝරියා රැජිනගේ පාලන කාලයේදී “ක්වීන්ස් හෝටලය” යන නම තැබුවාය. එදා සිට අද දක්වා ම භාවිතා කරන්නේ එම නම වේ. වර්තමානයේ ලෝක උරුම ගොඩනැගිල්ලක් ලෙස නම් කර තිබීමෙන්ම මෙහි ඓතිහාසික වටිනාකම කොතෙක්ද යන්න පිළිබද අදහසක් ලබා ගත හැකිය.

19 වන සියවස අවසන් වන විට ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ක්වීන්ස් හෝටලය ජනප්‍රියට පත්විය. එදා සමාජයේ වතු අයිතිකරුවන් හමුවීම, සම්මන්ත්‍රණ පැවැත්වීම පමණක් නොව නවාතැන් ගැනීමටත් මහනුවර නගරයේ තිබූ පහසුකම් සහිත එකම හෝටලය මෙය වූවාට සැක නැත. ක්‍රි.ව. 1895 වසරේදී පියශෝ කුමරිය විසින් මෙම හෝටලය කැන්ඩි හෝටල් සමාගමට විකුණා ඇත. ඉන්පසු මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ප්‍රතිසංස්කරණය කලේය. ක්‍රි.ව. 1900 -1908 අතර කාලයේදී නැගෙනහිර හා බස්නාහිර ප්‍රදේශයට කොටස් කිහිපයක් එකතු කර විශාල කරන ලදී. ක්‍රි.ව.1911 වසරේදී කොළඹ කොමර්ෂල් සමගම මිලදී ගෙන මෙහි බෝල් රූම් ශාලාවක් සෑදීය. අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී රජයට පවරා ගෙන හොටෙල් කෝපරේෂන් යටතේ පාලනය විය. එහි සියයට විසිහතරක කොටස් ගාඩිනර් සමාගමටද සියයට තිහක් රජයටද අයත් විය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ රජයේ කොටස් විකුණා ඇත. එම කොටස් මිළදී ගෙන ඇත්තේ ගෝල්ෆේස් සමුහ ආයතනය වේ. පසුව ස්විස් හෝටලය හා ක්වීන්ස් හෝටලය ඒකාබද්ද කර තිබේ. කාමර විසිගනනකින් පටන් ගෙන තිබෙන ක්වීන්ස් හෝටලයේ අද වන විට කාමර හැත්තෑ අටක් දක්වා වැඩි වී ඇත. රැජින හෝටලයේ කොටස් වැඩි ප්‍රමාණයක් හිමිකරගෙන වර්තමානයේ අයිතිකරුවන් වී සිටින්නේ ගෝල්ෆේස් සමුහ ආයතනය වේ.

වර්තමානයේ  සංචාරකයන්ගේ සිත් ඇදගත් මෙම හෝටලය ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ ප්‍රමුකස්ථානයක් උසුලනා ස්ථානයක් බවට පත් වීම රහසක් නොවේ.

වර්තමාන ක්වීන්ස් හෝටලයේ ජයාරූප කිහිපයක්,












තවත් ජායාරූප සදහා,






Monday, June 8, 2015

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය- හික්කඩුව

හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ සිටම සංචාරක ආකර්ෂණයට නතු වු මෙන්ම එය පදනම් කරගත් ආර්ථික සමාජයන් කිහිපයකින්ද සංයුක්ත වු රාජ්‍යයක් විය.දිනෙන් දිනම ආර්ථිකය තුළ සංචාරක කර්මාන්තයට තිබු ආර්ථිකමය වෑදගත්කම වැඩි වු අතර 1978 සිදුවූආර්ථික ලිහිල්කරනය ඵ් සදහා දැඩි සාධනීය බලපෑමක් ඇති කළේය.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන වර්ධනීය ලක්ෂයක් සනිටුහන් වන්නේ මුහුද හා වෙරල ආශ්‍රයෙනි.සිව්දෙසින්ම මුහුදින් වටවූ කොදෙව්වක් ලෙස පැවතීමත් රට වටා වූ වෙරළ තීරයත් ඒ සදහා බෙහෙවින් හේතු විය.එයිනුදු වඩාත් ආකර්ෂණීය ලෙස සංචාරක අවදානයට පාත්‍රවනුයේ දකුණු හා නැගෙනහිර වෙරළ තීරයයි.හික්කඩුව සංචාරක පුරවරය දකුණු වෙරළ තිරයට අයත් සංචාරක කේන්ද්‍රස්ථානයකි.

හික්කඩුව සංචාරක පුරවරයේ සංචාරක කර්මාන්තය දෙයාකාරයකට ක්‍රියාත්මක වේ.ඵනම්,
මෙහිදී වෙරලාශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන අතර අභ්‍යන්තරික සංචාරක කරමාන්තය දේශීය සහ විදේශීය දෙපාර්ශවයෙන්ම සංචාරකයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ. මෙහිදී හික්කඩුව සංචාරක කලාපයක් ලෙස වඩාත් ආකර්ශනයට ලක් වන්නේ විදේශීය සංචාරකයින් මූලාශ්‍ර කර ගනිමිනි.

 1.වෙරළාශ්‍රිත සංචාරක කර්මාන්තය
 2.අභ්‍යන්තරික සංචාරක කර්මාන්තය

සංචාරක ආකර්ශනීය ස්ථාන

හික්කඩුවේ විශේෂිත සංචාරක ස්ථානයන් කිහිපයක් වේ.
  • මුහුදු වෙරළ සහ ස්වාභාවික ගල් මල් උයන
  • සීනිගම දේවාලය
  • තොටගමුවරඡමහවිහාරය
  • ධිවර වරායන්
  • ගංඟා,ගං මෝය සහ කලපු

සංචාරක ව්‍යාපාරය හා බැඳුණු කර්මාන්ත

ලංකාවේ අන් සංචාරක ප්‍රදේශයන්ට සාපේක්ෂව කර්මාන්තයන්ගෙන් සහ රැකියාවල බහුල හා ක්‍රමවත් භාවයක් හික්කඩුවේ දී දැක ගත හැක.
ප්‍රධාන වෂයෙන් ගත් කළ හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය හා බද්ධ වු මුලික කර්මාන්ත ප්‍රභවයන් මෙසේ දැක්විය හැක.
01සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, හා ආපන සාලා
02. පිහිනුම් සහ බෝට්ටු සේවා
03.සංචාරක මග පෙන්වන්නම්
04.සංචාරක ප්‍රවාහන සේවා
05. විසිතුරු භාණ්ඩ සහ දේශීය අත්කම් භාණ්ඩ අලෙවිය
06. දේශීය වෛද්‍ය ක්‍රම හා සංස්කෘතික සේවා
07. වෙනත්

සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, හා ආපන සාලා
මෙහිදි හික්කඩුව ප්‍රදේශීය සියළු ආර්ථික නියැදීන් අතුරින් වඩාත් ප්‍රමුක හාමහා පරිමාණ කර්මාන්තය වන්නේ සංචාරක හෝටල් සම්බන්ධ ව්‍යාපාරයයි. හික්කඩුව සංචාරක හිමියන්ගේ සංගමය සහ සංචාරක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව හික්කඩුවේ ලියාපදිංචිි සංචාරක හෝටල් සංඛ්‍යාව 36කි.ඉන් කිහිපයක් නම්,
01. රවනා බීච් - දොඩන් දූව
02. ආදිත්‍ය සංචාරක හෝටලය - දොඩන් දූව
03.රසික ගෙස්ට් - අකුරළ
04.සුනිල් බීච් - නාරිගම


පිහිනුම් සහ බෝට්ටු සේවා

හික්කඩුව මුහුදු තීරය ආශ්‍රිත සුවි‍ශේෂි ස්වාභාව ධර්මයේ දායාදයක් වන ගල්මල් උයන නැරඹීම උදෙසා සකස් කරන ලද පතුළ විනිවිද පෙනෙන විශේෂිත ‍බෝට්ටු 70කට අධික ප්‍රමාණයක් පවතින අතර පිහිනුම් සහ කිමිදුම් උපකරණ සැපයීම හා ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සඳහා ආයතන 12ක් පමණ හික්කඩුව ප්‍රාදේශීය කොට්ඨාශය තුළ ක්‍රියාත්මක වේ.

සංචාරක මග පෙන්වන්නම්

සංචාරක මණ්ඩලයේ සමීක්ෂණයකට අනුව 2006 වසර වන විට මෙම කටයුත්තේ නියැලෙන පුද්ගලයන් සංඛ්‍යාව 430ක් පමණ වේ.විසිතුරු භාණ්ඩ හා දේශීය අත්කම් වන කැටයම් හා මූර්ති කලාවන්ද චිත්‍ර ශිල්පය ද සංචාරක කර්මාන්තයේ ප්‍රධාන තැනක් උසුලයි.





ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග,පෘතුගාලය,ඕලන්දය,එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන්විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි එමටය. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි. දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය,විවේකය,ඓතිහාසික, වටිනාකම අදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී.


ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුත්ත කර්මාන්තයක් වශයෙන් වැඩී වර්ධනය වන්නට පටන් ගත්තේ 1960 දශකයේ සිටය. ඉන් පසු එළඹි දශක කීපය තුළ විටෙන අඩාළ වෙමින්ද විටෙක වර්ධනය වෙමින්ද පැවති එය නූතනයේ අපේ ආර්ථිකයට අඩුවැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත.1963 දී රුපියල් දශ ලක්ෂ 6ක පමණ අදායමක් ලබා ගත් අතර 1969 දී එය රුපියල් දශ ලක්ෂ 17 දක්වා වර්ධනය වී තිබිණි.1977 න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘත භාවය සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් විය.විවෘත ආර්ථිකය, විදේශීය ආයෝඡකයන්ට ඉවහල් විය. විවෘත ආර්ථිකය,විදේශීය,ආයෝඡකයින්ට ඉඩ ප්‍රස්ථා සැලසීම, විනිමය සීමා කිරීම,වැනි නව ආර්ථික ප්‍රතිපත්ති සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් විය. 1980 දී ලංකාවට සංචාරකයින් 321,780ත් පැමිණි අතර එම වසරේ විදේශ විනිමය ඉපයුම රුපියල් දශ ලක්‍ෂ 1830කි. 1981 දී මෙය 39% කින් වැඩි වී තිබිණි. 1992 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපයුම දශ ලක්‍ෂ 18500 විය.ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ වැඩි පිරිසක් බටහිර යුරෝපා රටවලට අයත්ය.

  • ඡර්මනිය
  • ප්‍රංශය
  • එක්සත් රාඡධානිය
  • ඉතාලිය
  • ඇමරිකා එක්සත්ඡනපදය
  • ඡපානය
  • ඉන්දියාව
  • නෙදර්ලන්තය
යන රටවලින් විශාල වශයෙන් සංචාරකයෝ ලංකකාවට ඇදී ආහ. විනෝදය ව්‍යාපාරික කටයුතු, සාකච්ඡා සම්මේලන, නෑදෑ හිත මිතුරන් හමුවීම ආදී හේතූන් මත මෙම සංචාරකයෝ ලංකාවට පැමිණෙති. ශ්‍රී ලංකාවේ දර්ශනීය මුහුදු වෙරළ, මධ්‍ය කඳු කරය,ඓතිහාසික නටඹුන්, ආගමික හා සංස්කෘතික ස්ථාන, ප්‍රණීත ආහාරපාන මතු නොව ලාංකිකයන්ගේ ආචාරශීලී භාවයද සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමෙහි සමත් වී ඇති බව පෙනේ.




ලොව සංචාරක කේන්ද්‍රස්ථාන 10 අතරට ශ්‍රී ලංකාවත්..





2015 වසරේ ලොව සංචාරකයන්  අත් නොහල යුතු සංචාරක  කේන්ද්‍රස්ථාන  10  අතරට  ශ‍්‍රී  ලංකාවද  නම්  කර ඇත. ඒ  නම්  කිරීම  සිදු  කර  ඇත්තේ  ඇමරිකාවේ  පළවන  ප්‍රමුඛතම  සඟරාවක්  වන   ෆෝබ්ස්  සඟරාව .  මඟිනි.  එම  සඟරාව  සඳහා  මෙම  කේන්ද්‍රස්ථාන  නම්  කර  ඇත්තේ  ඇබ්සලූට්  ට්‍රැවල්  නම්  සුඛෝපභෝගී  සංචාරයන්  සැලසුම්  කරන   ආයතනයේ   සංචාර  කළමනාකරු  වන  ඔවන්  ගැඩිස් විසිනි.ෆෝබ්ස්  සඟරාවේ  ශ්‍රී  ලංකාව  සම්බන්ධව  පළ  වූ  පුවතේ  ශ්‍රී  ලංකාවේ  නැරඹිය යුතු  වටිනාම  දෙය  ලෙස  සත්ව  සම්පත  නම්  කර ඇත. යාල  ජාතික  වනෝද්‍යානයට  අමතරව  යුද්ධය  නිමාවීමෙන්  අනතුරුව  විල්පත්තු  වනෝද්‍යානයද  මේ  වන  විට  විවෘතව  පවතින  බවත්,  එය  තුළ  වඩාත්  පෞද්ගලික  ලෙස  සෆාරි  සංචාර  විඳගැනීමට  සංචාරකයන්ට  හැකි  බවත්  එහි  වැඩිදුරටත්  දැක්වේ.  එසේම  ශ්‍රී  ලංකාවේ  මෙන්  විවිධාකාර  අත්දැකීම්  අත්විඳිය  හැකි  ‍වෙනත්  රටක්  පිළිබඳව  සිතාගත  නොහැකි  බවද  එම  පුවතේ  සඳහන්  වේ.
















ෆෝබ්ස්  සඟරාව  මගින්  නම්  කළ  2015  වසරේ  ලොව  සංචාරකයන්  අත්  නොහළ  යුතු  සංචාරක  කේන්ද්‍රස්ථාන  10  අතරට  අයත්  වන  අනෙකුත්  රටවල්  වන්නේ  නේපාලය,  ජපානය,  ආජන්ටිනාව,  කොලොම්බියාව,  ටැස්මේනියාව,  ඇමෙරිකාවේ  සෙරෙන්ගෙටි  ප්‍රදේශය,  වියට්නාමය,  මොරොක්කෝව  හා  අයිස්ලන්තයයි.